Wednesday, July 30, 2014

සේයා රූ-6

                                     ජීවිතය.. කාළගුනය හා මිනිසා                                        

අපි උපතින්ම රැගෙන එන ගමන් මගක් ඇත.එය දෛවය අපට පෙන්වා දෙනු ඇත.අප ඒ මගෙහි ඉදිරියට දිරිමත්ව යායුතුව ඇත.ඒ මාවතේ වාසනාවන්ත හා අවාසනාවන්ත කඩඉමිද අප පසු කල යුතුව ඇත.. 

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. පුංචි ලමයි මල් වගේ... කාන්තාවන් මල් වලට .. සාහිත්‍යයකරුවන්  සමාන කරන්නේ ඒ නිසාය..

  ඒත් ඒ මල් කොචිචර අලංකාර වුනත් මල සමාන කරොත් ජීවිතයට..    ලස්සන ජීවිතයත් පිපී සුවද දී පරව යන පියකරු මෙවන්  මලක්    වැනිය... පිපී සුවද දී නෙතට රසදුනක් වී පරවී යන්නේය

                                                                                                                                                                                                                         

කාලගුනය ගැන කතා කලොත් නමි බොහෝ දෙනාට මතක් වෙන්නේ වෙනස් වීම.ඒ වගේම වෙනස් වීමට හොදම උදාහරන වන්නේ මිනිසා හා කාලගුනය.                                                                        

 කවදත් කාලගුනයේ වෙනස් වීම හිතකර අහිතකර අයුරින් මිනිසාටත්, මිනිසාගේ හිතකර අහිතකර වූ බලපෑමි නිසා කාල ගුනයත් වෙනස් විය 

එහෙත් කාලගුනයට මෙි වෙනස් වීමි නොදැනි නොයෙක් විපර්යාසයන් ඇති කලත්, සජීවි මිනිසාට නමි මෙි විපර්යාසයන් තදින් බලපෑවෙිය.. එහෙත්  පුදුමය නමි, තමන් කාලගුනයට කරන බලපෑමි නිසා.. මෙසේ  වෙන්නේ යැයි මිනිසා නොදැනීමය. 

මිනිසා ගෙන් විටෙක ගිලිහී යන සමහර හොද දේ අපට සත්ව ලෝකයෙන් දැකිය හැකිය

ලෝකය වෙනස් කල යුතු නමි ,    පලමුව වෙනස් විය යුත්තේ තමා නොවෙද?   එහෙත් බොහෝ අය වෙනස් කරන්න උත්සහ කරන්නේ...  තමන් වෙනස් නොවීම ලෝකය වෙනස් කරන්න නොවෙද?


ලෝකයට ඔන විදියට අපට ජීවත් වීමට අපහසුය... එහෙත් ලෝකය වෙනස් කරන්නටද අපට නොහැකිය ..

සමහර මිනිසුන් කාලය අනුව වෙනස් නොවීමත් විටෙක අහිතකර ලෙස බලපානවා... මෙසේ නොවෙනස් වන මිනිසුන් තමා වටා පවුරු ගොඩ නගා ගෙන මකුලුවන් මෙන් ජීවත් වෙනවා...

කාලගුනයේ වෙනස්වීම තදින් දැනෙන කොටිඨාශයකි ධීවරයෝ.. මෙි අයගේ මෙි ජීවිත අවදානමි රැකියාව නිසා ඔවුන් නොපෙනෙන දෙවියන් කෙරෙහි වෙනත් අයට වඩා බොහෝ සෙයින් විශ්වාස කිරීමට පෙලඹී ඇති බව කාටත් නොරහසකි. 

   නිමාව සටහන් කරනවා මෙසේ...  ජීවිතයේ සුන්දරකම අද දවසේ රදව ගන්න.... ඒ ගැන සිහිකර අද නොව හෙට දිනයේ සතුටු වන්න.....                                                                   නිමි                                                                                                                                                       


Sunday, July 27, 2014

සේයා රූ -5


උදෑසනින් දකිනා පිනි බිංදු ... මෙනි නෙතු අග මැවෙනා කදුලු  බිංදු..


යායට පිපුනු විට  පරිසරයම සුන්දර කරාවි  ලස්සන වන  මල්...  




මිනිසා යනු මිනිසාටම තේරුමි ගත නොහැකි අපූරු සත්වයෙකි...  බොහෝ විට කාලගුනය සේ වෙනස් වන මොවුන්.. ඒ සදහා ධනය හෝ බලය මෙන්ම යමි දෙයකට ඇති බලවත් ආසාව හේතුවක් කර ගනී ...




හැගීමි වලට වඩා බුද්ධියට තැන දීම ජීවිතේට වෙිවි නිරතුරු සහනයක්...


අප බොහෝ විට අපට සිතෙන දේ කරනවා....  එය හොද හෝ නරකද කියා හිතා බලන්න අමතක වෙනවා.... ඒ නිසා තමන් පසු පස අනතුරක් ඇතැයි නොදකිනවා... ඒ නිසා සැමදේ පිලිබදව විමසිල්ලෙන් සිටීම මෙවන් කාලයට ඔබින වෙනවා...

හිත හොදකමට ..අවිහිංසකකමට මිසක් කපටිකමට.. වංචාවට ගෙෘරවයක් ආදරයක් ඇති වෙන්නේ නැත. කිසිවෙකුටත් කිසි විටෙකත්...


තිරිසන් සතුන් හා මනුෂ්‍යයින් කියා වෙනසක් නැත.. කොයි අමිමලත් එක වගේ විටෙක වෙනසක් නැත....

බැදීමි ඇති විට අප අප අතරේ ...බලවතා පෙලයි දුබලයාව නිරන්තරේ...  එහෙත් සත්‍යයම නමි බැදීමි නොතිබුනත් අවස්ථාව අනුව බලවතා පෙලයි දුබලයාව නිරන්තරේ ...


සමහර අවිහිංසක අසරන මිනිසුන් තුල ඇති මනුස්සකම .මුදලින් මිනිසුන් මනිනා සමාජයේ සිටින බලවතුන් අතරේ හිගය....

බොහෝ වෙලාවට අපට විවිධ මිනිසුන් අතර මග මුන ගැහෙනවා.... ඒ අය ගෙවන දුෂ්කර ජීවිත ගැන පුදුම වෙනවා..... ඒත් ඒ හැමෝම කෙසේ හෝ ජීවත් වෙනවා .... සමහර විට මන්දිර වල සිටිනා අයට වඩා සතුටින් ජීවත් වෙනවා......            

හැම සංකල්පනාවක ,කතාවකම අවසානය නව කතාවක සංකල්පනාවක ඇරඹුමක් වෙනවා...


Friday, July 25, 2014

සේයා රූ- 4

 ඔිනම දෙයක් පටන් ගැන්ම හා එහි ඇති හොද හෝ නරක පුද්ගලයා අනුව වෙනස් වෙි ...


අමිහිරි මතක අඩු කල විට... හොද සිතුවිලි වැඩි කල විට ...ගෙවෙිවි දවස නොදැනීම හොදට...


 එමෙන්ම කිසිදාක මනුෂ්‍යයාටම තේරුමි ගත නොහැකි අරුම පුදුම   සත්වයෙකි....




මිනිසාගේ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි නිසාමයි. මිනිසාට බොහෝ විට කරදර හිරිහැර වලට මුහුන දෙන්නට බොහෝ විට සිදු වන්නේ....

දෙයක මතු පිට පෙනෙන දේ මෙන්ම යථාර්ථය ද දුටු විට ජීවිත් වීම පහසුය.. ඒ සුන්දර දේ ලෙසින් බොහෝ පෙනෙන දේ සුන්දර නොවන නිසා ... එනමි ගසක පිපී ඇති මල් වල සුන්දරත්වය මෙන්ම මෙසේ පර වී බිම වැටුන විට පෙනෙන යතාර්ථයද දැකිය යුතුය..

  මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙ...   සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්‍යයකුටම දැනේ ..එහෙත් ඔහුගේ මනසේ ක්‍රියාකාකාරීත්වය හා එහි දියුනුව අනුව ,ඔවුන් හැගීමි දැනීමි  පිටතට විහිදුවාලයි.. සමහරු එය නිර්මාන වශයෙන් ඉදිරිපත් කිරීමෙන් සාරථක ප්‍රතිපල ලගාකර ගනිති.. ඒ සදහා  කලාව එක් මාධ්‍යයක්  කර ගනියි ..කෙසේ වෙතත් කවුරු හෝ තමන්ට  හැගෙන දැනෙන තමන්ට කල හැකි දේ නිර්මාණයක් ලෙසින් යමි කිසිවක සටහන් කිරීම මනස සැහැල්ලු කර ගැනීමට හේතුවෙ ... 



බොහෝ දේ ජීවිතයේ නොලැබීම නිසා .. සමහරු ඒ අවශ්‍යතාවයන් ලං කර ගැනීමට වෙහෙසෙනු ඇත....  ඒ සදහා බොහෝ  කැපකීරීමි කරනු ඇත                  ඒ කැප කිරීමි නිසා ඔවුන් සතු වෙනත් දේ .. අහිමි වනු ඇත..      



බොහෝ විට කෙනෙකු උත්සහයෙන් ඉහලට ආවත්.. මුල අමතක නොකිරීමයි වැදගත්..

ජීවිතය බොහෝ දේට සමාන කල හැකිය මෙලෙසින්..

 ජීවත්වීමත් කලාවකි. ඒ කලා කෘතිය විටෙක සරසන්නෙත් වනසන්නෙත් විටෙක තමාමය..    


මෙි නිමාව තව නිර්මාණයක ආරමිභයයි..


Sunday, July 20, 2014

සේයා රූ -3

                                                                                                                                                                                                                                    ඉඩෝරයට පසු ඇද හැලුනු වැස්සට පින් සිදු  වෙන්නට  ...  මෙි ඇද හැලුනු වැස්සත් අගේ ඉඩෝරයට වියලුනු ජීවිත වලට  ....                                                                                                                                          
බොහෝ විට, බොහෝ දෙනා ..බොහෝ දේ.. ගැන සිතයි, පතයි, සිහින දකියි  .හරියට වැසි නොමැති වූ විට වැසි ඉල්ලා දෙවියන්ට කන්නලවි කරන ලෙසට..
එහෙත් ඒ සිහින බොදවී යයි. සිතන පතන දේ.. ඉටු නොවෙි..
ඔිනම දෙයක් ඔිනෙවට වැඩිය ඔිනෙම නැත. යන මැදුමි පිලිවෙත අනුගමනය කිරීමයි කාට වුවත් ජීවිතය යහපත්ව ගොඩ නගා ගැනීමට වැදගත් වෙන්නේ....
මල් පිපී ඇති විට මල් වටා කුරුලන්, මී මැස්සන් බඹරුන් , සමනලුන් සැරිසරාවි නිබදවම ...එහෙත් ඒ අය පරවුනු විට වෙන මල් සොයා ඉගිල යාවි හනිකට...

රෝස මලේ නටුවෙ කටු වගේ...  ජීවිතෙත් කටුක අත්දැකීමි තිබෙි...   ඒ කටු අතරින් ඇත්තෙ පියකරු මලක් වග‍ේ....    නොසැලෙන ජීවිතයත් රෝස මලක් වගේ.....  

    ජීවිත ගමන නිමා කිරීමට පෙර කෙනෙකු විසින් ඉටු කල යුතු යුතුකමි බොහෝමයක්  ඇත. ලෝකයට රට ජාතියට ආගමට සමාජයට තම යුතුකමි ඉටු කිරීම ඉන් වැදගත් වෙි .. 

පිලි ගැනීම කෙනෙකු ප්‍රභල කරයි... එහෙත් පලි ගැනීම කෙනෙකු දුබල කරයි..
වැරදුන විට කෙනෙකුට සමාව දිය හැකිය.... එහෙත් වැරදීම නිසා වැරදුනු තැන් බොහෝ විට නිවැරදි කල නොහැකිය....
තම ශක්තිය අනුන් වෙනු වෙන් කැප කිරීම... එයයි පරිත්‍යාගශීලිත්වය හා මනුස්සකම....
වෙනස් නොවන එකම දේ ...වෙනසමය.

විටෙක එකමුතුකම බිදී යාමට ගත වන්නෙ මොහොතකි...


කෙනෙකු හොද හෝ නරකින් අද ජීවත් වීම ...හෙට ගෙන ඒවි හොද හෝ නරක අත්දැකීම....

Tuesday, July 15, 2014

සේයා රෑ - 2

                                                                                                                                                                                                                                                                              
අද නමි සුභ දවස හෙට මිහිරි මතකයන් ලෙසින් කෙනෙකුට සතුටක් එක් කරාවි...

ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙ ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි ... හිතන්න මොහොතක්... ස්භා දහම රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයටද     එය හේතුවක් වෙවි......                                                                     ...                                                              

                                

කෙනෙකුගේ කතාවක් දිග් ගැස්සූ විට සාමාන්‍ය යෙන්  එහි සත්‍ය අස්සෙන් පෙනේ යැයි කතාවක් ඇත.. එසේ කෙනෙකුගේ කතාවක් දිගින් දිගටම අවසානයක් වන තුරු අසා සිටියේ නමි එහි සත්‍ය වටහා ගැනීමට කෙනෙකුට යමි තරමකට හෝ අපහසු නැත. එහෙත් කතාව අතර මැදට පමනක් කන් දී කෙනෙකු ඒ ගැන සත්‍යයක් ලෙස විනිශ්චය කරන්නේ නමි එය සැබෑවක් නොවෙ එසේ විනිශ්චය කීරීමද සාධාරණ නොවෙි.. 

                                                                               

වෙස් ගත්තෝ වෙස් මුහුනු දාගෙන නටත්දී... මෙි කිසිත් නොදත්තෝ වෙස් මුහුනු වලට රැවටෙමින් සිටිනු ඇත. තමන් රැවටෙන බවක් නොදැනම.....
වැරදි ඇසින් යමක් දෙස බැලූ විට කෙනෙකුට බොහෝ විට පෙනෙන්නේ වැරදිමය....
එලිය අවශ්‍යයි නිරතුරු අදුරේ සිටින අයට... ලෝකය දකින්නට.. පුන් සද පෝයදාට පායන්නේ අදුරු ජීවිත වලට තාවකාලික හෝ එලියක් ලබා දීමටය ...

අතර මං නොවෙි... අතර මග.. මග කියන නිසා.. මං සලකුණ..

 අපි උපතින්ම රැගෙන එන ගමන් මගක් ඇත.. එය දෛවය අපට පෙන්වා දෙනු ඇත ..අප ඒ මගෙහි ඉදිරියට දිරිමත්ව යායුතුව ඇත... කොපමන බාධක මුන ගැසුනත් ....සමහරු වැටි වැටී නැගිට ඉදිරියටම යනු ඇත.. සමහරු නොහැකිව තව දුරටත් ඉදිරියට යා ගන්න අතර මග නවතිනු ඇත... එසේ අතර මග නැවතුනත් ඉදිරියට ඇදුනත් කවදා හෝ ඒ ගමනෙහි කෙලවරක් දකිනු ඇත..

මෙි යන ගමන අතර තුර ..දෛවය අපට නොයෙක් වර..  විවිද පාඩමි කියා දෙනු ඇත.. යන ගමන අතර තුර...

   

අබුදස්ස කාලයට යමක් කරන්නාට වරදිනු ඇත.. යමක් නොකරන්නා පැත්තක සිට ලකුනු දා ගන්නවා ඇත...

වැරදි කරන්නා නිරතුරුව කරන්නේ වැරදි නොකරන අය සොයා හෝ නොදැන වැරදි කරන අය සොයා ඒ අයගේ අඩු පාඩු සොයමින් විවෙිචනය කරමින් කාලය ගත කිරීමයි....

 කෙනෙකු බොහෝ විට නිර්මාණයෙහි යෙදෙන්නේ අත් දැකීමෙන් නොවෙ ...ඒ සිත මවන දකින බොහෝ දේ  අත් දැකීමක් ලෙසින් ඉදිරිපත් කරන්නේ එය වඩා සාර්ථක නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමටය, ඒ නිසා කෙනෙකු යෙදෙන නිර්මාණ වලින් ඔහු හෝ ඇය කෙබදු කෙනෙක්දැයි අනුමාන කිරීම නිවැරදි නොවෙ....
      
                                                                                                                                            නිමි

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...