Friday, October 10, 2014

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී සාත්තු කර රැක බලා ගන්න බොහෝ අය අකමැතිනේ.  එහි බාහිරව ඇති කටු නිසා .. කටු විස නිසා..   ඒත් රෝස වලට බොහෝ ප්‍රිය කරන ආදරය කරන අය රෝස සිටුවා සාත්තු කර රැක බලා ගනිමින් එහි හැඩ බලා සතුටු වෙි.. අගය කරාවි.....

               

 දින දින ගත වී යද්දී ..නටුව පමනි නොමැත මලක්... ජීවිතයත් මෙලෙස නේද? නොහිතෙන එක මෝඩකමක්... 






රෝස මලේ නටුවෙ කටු වගේ... ජීවිතෙත් කටුක අත්දැකීමි තිබෙි...

    බලන්න හොද හැටි අවදානයෙන් ලස්සන රෝස මල ,ලස්සන ජීවිතයක හැඩ පෙන්වනවා නොවෙද? ඒත් රෝස මල් ගැන හැගීමක් නැති අය රෝස ගසේ කටු වලට බිය වෙි...

රෝස කටු තුඩු ඇනී විටෙක වෙිදනා දේ.... මෙි නිසා යන ගමන පහසුවක් ගෙන නොදේ .... ඒත් ඒ නිසාවෙන් යන ගමන නිම නොවෙි....  

මොන තරමි ලස්සන වුවත්, වටිනා වුවත්,  රෝස කටු නමි විසය. ඇනුනොත් ඇනුන තැන ඒ විසය. මිනිස් ජීවිතයත් එවැනිය.  කටු අතරේ පිපුනු රෝස මලක් වැනිය. ඒ ජීවිතයෙහි වටිනාකම දන්න අය තමන්ගෙ කැමැත්ත ආදරය ගෙෘරවය  නිසාම මොන කරදර හිරි හැර වුනත්,  රැක බලා ගනීවි. රෝස වලට ආදරය කරන අය එහි කටු නොසලකා සාත්තු කර ගස රකිනවා සේම. මෙි හැම දේ ගැනම අවදානය යොමු කලොත් රෝස මල ඇරෙන්න වෙන මලක් ඇත්ද? කෙනෙකුගේ ජීවිතයකට සමාන කරන්න පුලුවන් වඩා සුදුසු වෙන මලක් ගැන කාටවත් සැනකින් මතකයට එන.                                    ~ නිමාව ~                        

No comments:

Post a Comment

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...