ඉඩෝරයට පසු ඇද හැලුනු වැස්සට පින් සිදු වෙන්නට ... මෙි ඇද හැලුනු වැස්සත් අගේ ඉඩෝරයට වියලුනු ජීවිත වලට ....
|
බොහෝ විට, බොහෝ දෙනා ..බොහෝ දේ.. ගැන සිතයි, පතයි, සිහින දකියි .හරියට වැසි නොමැති වූ විට වැසි ඉල්ලා දෙවියන්ට කන්නලවි කරන ලෙසට.. |
|
එහෙත් ඒ සිහින බොදවී යයි. සිතන පතන දේ.. ඉටු නොවෙි.. |
|
ඔිනම දෙයක් ඔිනෙවට වැඩිය ඔිනෙම නැත. යන මැදුමි පිලිවෙත අනුගමනය කිරීමයි කාට වුවත් ජීවිතය යහපත්ව ගොඩ නගා ගැනීමට වැදගත් වෙන්නේ.... |
|
මල් පිපී ඇති විට මල් වටා කුරුලන්, මී මැස්සන් බඹරුන් , සමනලුන් සැරිසරාවි නිබදවම ...එහෙත් ඒ අය පරවුනු විට වෙන මල් සොයා ඉගිල යාවි හනිකට... |
|
රෝස මලේ නටුවෙ කටු වගේ... ජීවිතෙත් කටුක අත්දැකීමි තිබෙි... ඒ කටු අතරින් ඇත්තෙ පියකරු මලක් වගේ.... නොසැලෙන ජීවිතයත් රෝස මලක් වගේ.....
|
|
ජීවිත ගමන නිමා කිරීමට පෙර කෙනෙකු විසින් ඉටු කල යුතු යුතුකමි බොහෝමයක් ඇත.
ලෝකයට රට ජාතියට ආගමට සමාජයට තම යුතුකමි ඉටු කිරීම ඉන් වැදගත් වෙි ..
|
|
පිලි ගැනීම කෙනෙකු ප්‍රභල කරයි... එහෙත් පලි ගැනීම කෙනෙකු දුබල කරයි.. |
|
වැරදුන විට කෙනෙකුට සමාව දිය හැකිය.... එහෙත් වැරදීම නිසා වැරදුනු තැන් බොහෝ විට නිවැරදි කල නොහැකිය.... |
|
තම ශක්තිය අනුන් වෙනු වෙන් කැප කිරීම... එයයි පරිත්‍යාගශීලිත්වය හා මනුස්සකම.... |
|
වෙනස් නොවන එකම දේ ...වෙනසමය. |
|
විටෙක එකමුතුකම බිදී යාමට ගත වන්නෙ මොහොතකි...
|
කෙනෙකු හොද හෝ නරකින් අද ජීවත් වීම ...හෙට ගෙන ඒවි හොද හෝ නරක අත්දැකීම....
No comments:
Post a Comment