Tuesday, July 15, 2014

සේයා රෑ - 2

                                                                                                                                                                                                                                                                              
අද නමි සුභ දවස හෙට මිහිරි මතකයන් ලෙසින් කෙනෙකුට සතුටක් එක් කරාවි...

ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙ ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ ...එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භා දහම විනාශ කරයි ... හිතන්න මොහොතක්... ස්භා දහම රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භා දහමෙ විනාශයත් සමගම අපගේ විනාශයටද     එය හේතුවක් වෙවි......                                                                     ...                                                              

                                

කෙනෙකුගේ කතාවක් දිග් ගැස්සූ විට සාමාන්‍ය යෙන්  එහි සත්‍ය අස්සෙන් පෙනේ යැයි කතාවක් ඇත.. එසේ කෙනෙකුගේ කතාවක් දිගින් දිගටම අවසානයක් වන තුරු අසා සිටියේ නමි එහි සත්‍ය වටහා ගැනීමට කෙනෙකුට යමි තරමකට හෝ අපහසු නැත. එහෙත් කතාව අතර මැදට පමනක් කන් දී කෙනෙකු ඒ ගැන සත්‍යයක් ලෙස විනිශ්චය කරන්නේ නමි එය සැබෑවක් නොවෙ එසේ විනිශ්චය කීරීමද සාධාරණ නොවෙි.. 

                                                                               

වෙස් ගත්තෝ වෙස් මුහුනු දාගෙන නටත්දී... මෙි කිසිත් නොදත්තෝ වෙස් මුහුනු වලට රැවටෙමින් සිටිනු ඇත. තමන් රැවටෙන බවක් නොදැනම.....
වැරදි ඇසින් යමක් දෙස බැලූ විට කෙනෙකුට බොහෝ විට පෙනෙන්නේ වැරදිමය....
එලිය අවශ්‍යයි නිරතුරු අදුරේ සිටින අයට... ලෝකය දකින්නට.. පුන් සද පෝයදාට පායන්නේ අදුරු ජීවිත වලට තාවකාලික හෝ එලියක් ලබා දීමටය ...

අතර මං නොවෙි... අතර මග.. මග කියන නිසා.. මං සලකුණ..

 අපි උපතින්ම රැගෙන එන ගමන් මගක් ඇත.. එය දෛවය අපට පෙන්වා දෙනු ඇත ..අප ඒ මගෙහි ඉදිරියට දිරිමත්ව යායුතුව ඇත... කොපමන බාධක මුන ගැසුනත් ....සමහරු වැටි වැටී නැගිට ඉදිරියටම යනු ඇත.. සමහරු නොහැකිව තව දුරටත් ඉදිරියට යා ගන්න අතර මග නවතිනු ඇත... එසේ අතර මග නැවතුනත් ඉදිරියට ඇදුනත් කවදා හෝ ඒ ගමනෙහි කෙලවරක් දකිනු ඇත..

මෙි යන ගමන අතර තුර ..දෛවය අපට නොයෙක් වර..  විවිද පාඩමි කියා දෙනු ඇත.. යන ගමන අතර තුර...

   

අබුදස්ස කාලයට යමක් කරන්නාට වරදිනු ඇත.. යමක් නොකරන්නා පැත්තක සිට ලකුනු දා ගන්නවා ඇත...

වැරදි කරන්නා නිරතුරුව කරන්නේ වැරදි නොකරන අය සොයා හෝ නොදැන වැරදි කරන අය සොයා ඒ අයගේ අඩු පාඩු සොයමින් විවෙිචනය කරමින් කාලය ගත කිරීමයි....

 කෙනෙකු බොහෝ විට නිර්මාණයෙහි යෙදෙන්නේ අත් දැකීමෙන් නොවෙ ...ඒ සිත මවන දකින බොහෝ දේ  අත් දැකීමක් ලෙසින් ඉදිරිපත් කරන්නේ එය වඩා සාර්ථක නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීමටය, ඒ නිසා කෙනෙකු යෙදෙන නිර්මාණ වලින් ඔහු හෝ ඇය කෙබදු කෙනෙක්දැයි අනුමාන කිරීම නිවැරදි නොවෙ....
      
                                                                                                                                            නිමි

No comments:

Post a Comment

රෝස හා ජීවිතය...

රෝස මල් වලට බොහෝ අය ආස කරන බව කවුරුත් දන්නා රහසක්නේ.. ඒ බාහිරින් පෙනෙන සිත් ඇද ගන්නා සුලු බව නිසාවෙන්. ඒත් ඈත් වී ලස්සන නැරඹුවත්, ලංවී ස...